.webp)
අපි එක්සත් ජාතික පක්ෂයට බල කරනවා ඔබේ ජනවරම ජනතාව ප්රතික්ෂේප කරලා තියනවා. ඔබේ ජනවරම දැන් පිළුණු වෙලා තියනවා. ඒ නිසා වහාම පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙනැවිත් එය තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන් සම්මත කිරීමට අපට සහය දෙන්න. ඔවුන් එහෙම සහය දෙන්නේ නැත්නම් අපිට ජනතාවත් සමග පාරට බැහැලා පාර්ලිමේන්තුව විසිරුවා හරින තැනට එක්සත් ජාතික පක්ෂය තල්ලු කරන්න සිද්ධ වෙයි. එතෙන්ට අපිව තල්ලු කරන්න එපා කියන එක අපි එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලීමක් විදියට කරනවා.