ජනපතිවරණයේ අවසන් ප්‍රතිඵලය අද පස්වරුවේ

ජනපතිවරණයේ අවසන් ප්‍රතිඵලය අද පස්වරුවේ නිකුත් කිරීමට හැකිවේවි - ජාතික මැතිවරණ කොමිෂන් සභාව

by Staff writer 17-11-2019 | 8:14 AM

COLOMBO ( News 1st ) - ජනාධිපතිවරණයේ අවසන් නිල ප්‍රතිඵලය අද පස්වරුව වනවිට නිකුත් කිරීමට හැකි වෙතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 

එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ මේ වනවිට ප්‍රතිඵල නිකුත් කිරීම සාර්ථකව සිදුවන බවයි. මේ අතර පශ්චාත් මැතිවරණ සමයේ මැතිවරණ නීතිය පිළිපදින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ ය. ඔහු සඳහන් කළේ පශ්චාත් මැතිවරණ සමය තුළ මෙතෙක් නීතිය කඩකරන සිදුවීම් වාර්තා නොවු බවයි. ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵල සඳහා පිවිසෙන්න – http://election.newsfirst.lk/