ගෝඨාභය රාජපක්ෂට අමෙරිකාවෙන් සුබ පැතුම්...!

ගෝඨාභය රාජපක්ෂට අමෙරිකාවෙන් සුබ පැතුම්...!

by Staff writer 17-11-2019 | 10:10 PM

COLOMBO (News 1st ) - ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලේනා බී. ටෙප්ලිට්ස් මහත්මිය තේරී පත් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ ප්‍රාර්ථනා කර තිබේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇය සඳහන් කර ඇත්තේ, ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වීමට හැකිවීම ගැන ශ්‍රී ලංකාවේ ජනතාවට සුබ පතන බවයි. යහපාලනය, ආර්ථික වර්ධනය, මානව අයිතිවාසිකම් හා සංහිඳියාව යන කරුණු යටතේ ශක්තිමත් ස්වෛරී ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහා තේරී පත් වූ ජනාධිපතිවරයා සමග කටයුතු කරන්නට බලාපොරොත්තු වන බව සඳහන් කර තිබේ.