පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි

පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි

පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි

කර්තෘ Sagarika Chathumali

17 Nov, 2019 | 2:07 am

COLOMBO (News 1st) : 2019 ජනාධිපතිවරණයේ පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵල අනුව ඡන්ද 25,099ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරමුණේ පසුවේ.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ලබා ගෙන ඇති තැපැල් ඡන්ද සංඛාව 9,093කි.

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක  අනුර කුමාර දිසානායක මහතා ලබා ගෙන ඇති තැපැල් ඡන්ද සංඛ්‍යාව 2450කි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]