සියලු සුරාසැල් අද සහ හෙට වසා තැබෙයි

සියලු සුරාසැල් අද සහ හෙට වසා තැබෙයි

by Staff writer 16-11-2019 | 7:32 AM

COLOMBO ( News 1st ) - දිවයිනේ සියලු සුරාසැල් අද සහ හෙට වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

ඒ මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීමකට අනුව ය. ඒ අනුව එම දිනවල නීතිවිරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, ප්‍රවාහනය, සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම තහනම් වේ. සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම නීති කඩකරන පුද්ගලයින්ට එරෙහිව නඩු පවරන බවයි.