සරණාගතයින් ගෙන ගිය බස් රථයකට යකාවැවදී ප්‍රහාරයක්

යකාවැවදී සරණාගතයින් ගෙන ගිය බස් රථයකට ගල් ප්‍රහාරයක්

by Staff writer 16-11-2019 | 10:04 PM
COLOMBO (News 1st) : මන්නාරම සිලාවතුර ප්‍රදේශයේදී ඡන්දය ප්‍රකාශ කර නැවත පුත්තලම දක්වා පැමිණි බස් රථයකින් පැමිණි පිරිසකට මැදවච්ච්ය යකාවැව ප්‍රදේශයේදී ගල් මුල් ප්‍රහාරයක් එල්ල වී තිබේ. පුත්තලමේ සිට මන්නාරම සිලාවතුර ප්‍රදේශය වෙත බස් රථ 100ක් පමණ අද අලුයම පිටත් වී තිබුණේ සරණාගතයින් පිරිසක් සමගිනි. ඔවුන් එහිදී ඡන්දය ප්‍රකාශ කර යළි පැමිණෙමින් සිටියදී යකාවැව ප්‍රදේශයේදී මෙම ගල් ප්‍රහාරය එල්ල වී තිබිණ. පොලීසිය පැවසුවේ, අද පස්වරු 6.30 පමණ එල්ල වු එම ප්‍රහාරයෙන් වයස අවුරුදු 55 ක් හා 56 ක් වු කාන්තාවන් දෙදෙනකු තුවාල ලබා මැදවච්චිය රොහලට ඇතුළත් කෙරුණු බවයි. අද අලුයම ද බස් රථ 02 කට තන්තිරිමලේ බෝගොඩ සපත්තු පාලම අසලදී වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබිණ. එම බස් රථ පසුව පොලිස් භාරයට ගැනුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.