ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 75 % ඉක්මවයි

දිස්ත්‍රික්ක කිහිපයක ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 75 % ඉක්මවයි

by Staff writer 16-11-2019 | 12:34 PM
UPDATE / 3.00PM - දිස්ත්‍රික්ක කිහිපයක ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය පස්වරු 3 වනවිට 75% ඉක්මවා තිබේ. ඒ මහනුවර, නුවරඑළිය, පොළොන්නරුව සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලයි. පස්වරු 3 පමණ වනවිට වවුනියාව, මාතලේ සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 72% කි. ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 71% ක් බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා ප්‍රකාශ ක‍ළේ ය. ------------------------------------------------------ UPDATE / 2.45PM - දිස්ත්‍රික්ක කිහිපයක ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය පස්වරු 2 පමණ වනවිට 70% ඉක්මවා තිබේ. ඒ, අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 70% ක් බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී දමයන්ති පරණගම මහත්මිය සඳහන් කළා ය. හම්බන්තොට, රත්නපුර සහ මාතලේ දිස්ත්‍රික්කවල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය ද 70% කි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයින්ගෙන් 72% ක් මේ වනවිට ඡන්දය ප්‍රකාශ කර තිබේ. පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල පස්වරු 2 පමණ වනවිට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 65% කි. කිලිනොච්චි දිස්ත්‍රික්කයේ 61% ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි තේරීම්භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේ ය.

------------------------------------------------------------------------------------------

UPDATE / 2.00PM - ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය දිස්ත්‍රික්ක රැසක 55% ඉක්මවා තිබේ.

අද පස්වරු 1.00 වනවිට බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 60%කි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 60% ඉක්මවා තිබේ. වවුනියාව, මොණරාගල සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 55% ඉක්මවා ඇතැයි තේරීම්භාර නිලධාරීවරුන් ප්‍රකාශ කළේය. කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 50%කි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 60% ක් වන අතර ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රකාශත ඡන්ද ප්‍රතිශතය 57% ක් වේ. බදුල්ල දිස්ත්‍රික්කයේ තේරිම්භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේ එම දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 60% ඉක්මවා ඇති බව ය.

----------------------------------------------------------------------------------------------------

COLOMBO (News 1st ) - 10.00 AM - ජනාධිපතිවරණයට අදාළව 40 %ක අධික ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි තේරීම්භාර නිලධාරීවරුන් පවසයි.

ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ මහතා පැවසුවේ, මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ 25% ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව ය. අද පෙරවරු 10 පමණ වනවිට මාතර දිස්ත්‍රික්කයේ 30% ක පමණ ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ප්‍රදීප් රත්නායක මහතා සඳහන් කළේය. එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රිකයේ මේ වනවිට 40% කට අධික ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව එම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී රෝහණ පුෂ්පකුමාර මහතා පැවසුවේ ය. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ජනතාව අතර දැඩි උනන්දුවක් පවතින බව ද ඔහු සඳහන් කළේය. මාතලේ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි එස්.එම්.ජී.කේ පෙරේරා මහතා පැවසුවේ මේ වනවිට 40% කට ආසන්න පිරිසක් ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි. 2019 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අද උදෑසන 7.00ට ආරම්භ වූ අතර එය අද සවස 5.00 දක්වා පැවැත්වීමට නියමිතය .