by Staff writer 16-11-2019 | 8:21 AM
COLOMBO ( News 1st ) - ජනාධිපතිවරණය වෙනුවෙන් විශේෂ ඒකාබද්ධ ආපදා මෙහෙයුම් ඒකකයක් ස්ථාපිත කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන තිබේ.
ඒ, යම් ආපදා තත්ත්වයක් හේතුවෙන් මැතිවරණ කටයුතුවලට සිදුවිය හැකි බාධා වැළැක්වීම සඳහා ය.
මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් අමාත්‍යාංශය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ත්‍රිවිධ හමුදාව පොලීසිය ඇතුළු සියලු පාර්ශවකාර ආයතන සම්බන්ධීකරණයෙන් මෙම මෙහෙයුම් ඒකකය ස්ථාපිත කර තිබේ.
යම් ආපදා තත්ත්වයක් හේතුවෙන් මැතිවරණයට බාධාවක් ඇතිවේ නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ස්ථාපිත කර ඇති විශේෂ ඒකාබද්ධ ආපදා මෙහෙයුම් ඒකකයේ දුරකතන අංක
0702 117 117
0113 668 032
0113 668 028
0113 668 029
0113 668 030
යන දුරකතන අංක වෙත හෝ 117 යන හදිසි මෙහෙයුම් ඇමතුම් අංක වෙත දැනුම් දෙන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.