ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන්

by Staff writer 16-11-2019 | 5:02 PM

COLOMBO (News 1st) - මෙරට 7 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පැවති ඡන්ද විමසීම අවසන් විය.

අද පෙරවරු 7 ට ආරම්භ වූ ඡන්ද විමසීම පස්වරු 5 දක්වා පැවැත්විය. මෙවර ජනාධිපතිවරණයේදී , ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටි ඡන්ද දායකයින් සංඛ්‍යාව එක්කෝටි පනස් නව ලක්ෂ අනූ දෙදහස් අනූ හයකි. මේ අතර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ ජනාධිපතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය අද රාත්‍රී 10 ත් 12 ත් අතර නිකුත් කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව ය. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ලැබෙන සැනින් සජීවීව විකාශය කිරීම සඳහා නිව්ස්ෆස්ට් කටයුතු යොදා තිබේ. First and Fast ජනාධිපතිවරණ ප්‍රතිඵල විකාශය අද පස්වරුවේ සිට බලාපොරොත්තුවන්න... ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵල සඳහා පිවිසෙන්න - http://election.newsfirst.lk/