ඡන්ද විමසීමට අදාළව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට අදාළව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

by Staff writer 16-11-2019 | 7:15 AM

COLOMBO ( News 1st ) - ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළව විශේෂ ආරක්ෂකවැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මුලස්ථානය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ , ජනාධිපතිවරණයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරින් 60, 175 ක පිරිසක් රාජකාරියේ යොදවන බවයි. මේ අතර ජනාධිපතිවරණයට අදාළ රාජකාරි සඳහා , පොලිස් මුලස්ථානයේ විශේෂිත අංශ කිහිපයක් භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් 09 දෙනෙකු රාජකාරි සඳහා යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. ඒ , පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුවයි. ඒ අනුව එම නිලධාරීන් කිළිනොච්චිය, මඩකලපුව, කෑගල්ල, මාතලේ, මන්නාරම, මොණරාගල , මුලතිව් සහ මාතර යන දිස්ත්‍රික්කවල ජනාධිපතිවරණයේ විශේෂ රාජකාරි සඳහා යොදවා තිබේ.