ජනපති මෛත්‍රීගෙන් විශේෂ ප්‍රකාශයක්

ජනපති මෛත්‍රීගෙන් විශේෂ ප්‍රකාශයක්

by Staff writer 16-11-2019 | 9:10 PM
COLOMBO (News 1st) : නව ජනාධිපතිවරයෙකු තේරී පත්වීමත් සමග ධූරයෙන් විශ්‍රාම යන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු ජාතිය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය. එහිදී ජනාධිපතිවරයා පැවසුවේ, දූෂණයෙන් තොර ඇමති මණ්ඩලයක් පත් කර ගැනීම, පත්වන අභිනව ජනාධිපතිවරයා මුහුණ දෙන ප්‍රධාන අභියෝගය වනු ඇති බවයි. තමාගේම රජයේ වංචා, දූෂණ සෙවීමට අධිකරණ බලය සහිත ජනපති කොමිසමක් පත් කළ එකම රාජ්‍ය නායකයා තමන් බව ද ජනාධිපතිවරයා එහිදී පැවසී ය. ජනාධිපතිවරයා ජාතිය අමතමින් සිදුකළ සම්පූර්ණ ප්‍රකාශය නැරඹීම සඳහා පිවිසෙන්න.... https://www.youtube.com/watch?v=eXh8z3DhttA