අග්‍රරවාල්ගේ ද්විත්ව ශතකයක්

අග්‍රරවාල්ගේ ද්විත්ව ශතකයෙන් ඉන්දීය ඉනිම තවත් ශක්තිමත් වෙයි

by Staff writer 16-11-2019 | 10:54 AM

COLOMBO ( News 1st ) - තරග 2 කින් සමන්විත ඉන්දීය - බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පලමු තරගය අද තුන්වැනි දිනටත් පැවැත්වේ.

ඒ ඉන්දියාවේ ඉන්දොර්හිදී ය. ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉණිම ක්‍රීඩා කරන සත්කාරක ඉන්දීය ක්‍රීඩකයින් පන්දුවාර 114ක් අවසානයේ කඩුලු 6 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 493 කි. සිය දෙවන ද්විත්ව ශතකය වාර්තා කරමින් හොඳම ටෙස්ට් ඉණිම ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු මයාන්ක් අගර්වාල් ලකුණු 243 ක් රැස් කළේ ය. චෙතේස්වර් පුජාරා ලකුණු 54 ක් රැස් කළ අතර අජින්කයා රහනේ ලකුණු 86 යි. නොදැවී කඩුල්ලේ රැදි සිටින රවින්ද්‍ර ජඩේජා ලකුණු 60 ක් රැස් කරගෙන සිටියේ ය. පන්දු යැවීමේදී අබූ ජායෙඩ් කඩුලු 4 ක් දවා ගෙන තිබුණි. තරගයේ කාසියේ වාසිය හිමි කරගත් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ ක්‍රීඩකයින්ට සිය පළමු ඉණිම සඳහා සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 150 ක් පමණි.