දිස්ත්‍රික්ක කිහිපයක ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 75 % ඉක්මවයි

දිස්ත්‍රික්ක කිහිපයක ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 75 % ඉක්මවයි

දිස්ත්‍රික්ක කිහිපයක ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 75 % ඉක්මවයි

කර්තෘ Staff writer

16 Nov, 2019 | 12:34 pm

UPDATE / 3.00PM – දිස්ත්‍රික්ක කිහිපයක ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය පස්වරු 3 වනවිට 75% ඉක්මවා තිබේ.

ඒ මහනුවර, නුවරඑළිය, පොළොන්නරුව සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලයි.

පස්වරු 3 පමණ වනවිට වවුනියාව, මාතලේ සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 72% කි.

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 71% ක් බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා ප්‍රකාශ ක‍ළේ ය.

——————————————————

UPDATE / 2.45PM – දිස්ත්‍රික්ක කිහිපයක ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය පස්වරු 2 පමණ වනවිට 70% ඉක්මවා තිබේ.

ඒ, අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 70% ක් බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී දමයන්ති පරණගම මහත්මිය සඳහන් කළා ය.

හම්බන්තොට, රත්නපුර සහ මාතලේ දිස්ත්‍රික්කවල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය ද 70% කි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයින්ගෙන් 72% ක් මේ වනවිට ඡන්දය ප්‍රකාශ කර තිබේ.

පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල පස්වරු 2 පමණ වනවිට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 65% කි.

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ 61% ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි තේරීම්භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේ ය.

——————————————————————————————

UPDATE / 2.00PM – ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය දිස්ත්‍රික්ක රැසක 55% ඉක්මවා තිබේ.

අද පස්වරු 1.00 වනවිට බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 60%කි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 60% ඉක්මවා තිබේ.

වවුනියාව, මොණරාගල සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 55% ඉක්මවා ඇතැයි තේරීම්භාර නිලධාරීවරුන් ප්‍රකාශ කළේය.

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 50%කි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 60% ක් වන අතර ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රකාශත ඡන්ද ප්‍රතිශතය 57% ක් වේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ තේරිම්භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේ එම දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 60% ඉක්මවා ඇති බව ය.

—————————————————————————————————-

COLOMBO (News 1st ) – 10.00 AM – ජනාධිපතිවරණයට අදාළව 40 %ක අධික ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි තේරීම්භාර නිලධාරීවරුන් පවසයි.

ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ මහතා පැවසුවේ, මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ 25% ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව ය.

අද පෙරවරු 10 පමණ වනවිට මාතර දිස්ත්‍රික්කයේ 30% ක පමණ ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ප්‍රදීප් රත්නායක මහතා සඳහන් කළේය.

එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රිකයේ මේ වනවිට 40% කට අධික ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව එම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී රෝහණ පුෂ්පකුමාර මහතා පැවසුවේ ය.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ජනතාව අතර දැඩි උනන්දුවක් පවතින බව ද ඔහු සඳහන් කළේය.

මාතලේ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි එස්.එම්.ජී.කේ පෙරේරා මහතා පැවසුවේ මේ වනවිට 40% කට ආසන්න පිරිසක් ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි.

2019 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අද උදෑසන 7.00ට ආරම්භ වූ අතර එය අද සවස 5.00 දක්වා පැවැත්වීමට නියමිතය .

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]