ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට අදාළව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට අදාළව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට අදාළව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

කර්තෘ Staff writer

16 Nov, 2019 | 7:15 am

COLOMBO ( News 1st ) – ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළව විශේෂ ආරක්ෂකවැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මුලස්ථානය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ , ජනාධිපතිවරණයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරින් 60, 175 ක පිරිසක් රාජකාරියේ යොදවන බවයි.

මේ අතර ජනාධිපතිවරණයට අදාළ රාජකාරි සඳහා , පොලිස් මුලස්ථානයේ විශේෂිත අංශ කිහිපයක් භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් 09 දෙනෙකු රාජකාරි සඳහා යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

ඒ , පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුවයි.

ඒ අනුව එම නිලධාරීන් කිළිනොච්චිය, මඩකලපුව, කෑගල්ල, මාතලේ, මන්නාරම, මොණරාගල , මුලතිව් සහ මාතර යන දිස්ත්‍රික්කවල ජනාධිපතිවරණයේ විශේෂ රාජකාරි සඳහා යොදවා තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]