by Staff writer 15-11-2019 | 10:43 PM
COLOMBO (News 1st) : උතුරු පළාතේ ඇතැම් ස්ථානවල යුද හමුදා මාර්ග බාධක යෙදවීම පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් අප විමසීමක් කළේ ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ අනුමැතියකින් තොරව අද සහ හෙට යුද හමුදාව මාර්ගයේ යෙදවීම නොකරන ලෙස යුද හමුදාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්ට දැනුම්දී ඇති බවයි.
පලෙයි සහ පළාලි ප්‍රදේශවල පැවති එවැනි මාර්ග බාධක පොලිසිය කළ දැනුවත් කිරීමෙන් පසුව ඉවත්කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසී ය.
ප්‍රදේශයේ යුද හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන් මේ සම්බන්ධයෙන් කලින් දැනුවත්ව සිට නැතැයි ද පොලීසියට දැනුම්දී තිබේ.