by Staff writer 15-11-2019 | 10:49 PM
COLOMBO (News 1st) : ජනාධිපති අපේක්ෂකයෙකු සමග රට දෙකඩ කිරීමේ එකඟතාවක් ඇතැයි පවසමින් නීතිඥවරුන් කිහිප දෙනෙකු නගන චෝදනාවේ සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
දෙමළ ජාතික සන්ධානය සිය නිල ට්විටර් ගිණුම හරහා ඔවුන්ට එල්ල වන අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් මෙලෙස ප්‍රතිචාර දක්වා තිබේ.
ඇතැම් මාධ්‍ය වාර්තා කරන කරන ආකාරයට රට බෙදීමේ කිසිදු එකඟතාවක් නොමැති බව එහි වැඩිදුරටත් සඳහන් ය.
මෙවන් තොරතුරු ප්‍රචාරය කිරිම වගකීම් විරහිත මාධ්‍ය භාවිතයක් බව ද දෙමළ ජාතික සන්ධානය සිය ට්විටර් පණිවිඩය මගින් අවධාරණය කරයි.
https://www.youtube.com/watch?v=VIdRHexp308