කට කථාවලට නොරැවටී ඡන්දය භාවිත කරන්න - ජනපති

නිදහසේ ඡන්දය භාවිත කිරීමට වාතාවරණය සකසා ඇතැයි ජනපති කියයි

by Staff writer 15-11-2019 | 10:06 PM
COLOMBO (News 1st) : හෙට පැවැත්වෙන ජනාධිපතිවරණයේදී දිවයින පුරා සියලු ජන්ද දායකයින්ට නිදහසේ ජන්දය භාවිත කිරීමට අවශ්‍ය වාතාවරණය රට තුළ ශක්තිමත් කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. නිවේදනයක් නිකුත්කරමින් ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ මැතිවරණය සාමකාමීව පැවැත්වීම සඳහා පොලිසිය, ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ යොදවා ඇති බවයි. එබැවින් අනවශ්‍ය ප්‍රචාර සහ කට කථාවලට නොරැවටී තම ජන්ද මධ්‍යස්ථානවලට ගොස් ජන්දය භාවිත කරන ලෙස ජනාධිපතිතුමා සියලු ජන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටී. ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්වු රටක, පුරවැසියන්ගේ බලයක් මෙන්ම ප්‍රධාන වගකීම සහ යුතුකම වන්නේ තමන් කැමති පුද්ගලයෙකු වෙනුවෙන් ඡන්දය භාවිත කිරීම බවයි.