ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ප්‍රවාහනය අද උදෑසන සිට

ජනාධිපතිවරණය සඳහා ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ප්‍රවාහනය අද උදෑසන සිට

by Staff writer 15-11-2019 | 6:53 AM

COLOMBO ( News 1st ) - මෙරට 7වැනි විධායක ජනාධිපතිවරයා තොරා පත් කර ගැනීම සඳහා හෙට පැවැත්වෙන ඡන්ද විමසීම සඳහා ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ප්‍රවාහනය අද උදෑසන ආරම්භ කෙරේ.

ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, මෙවර මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරීන් තුන් ලක්ෂකට ආසන්න පිරිසක් සහභාගී වන බවයි. අපේක්ෂකයින් 35 දෙනෙකු තරග වදින මෙවර ජනාධිපතිවරණ ඡන්ද විමසීම හෙට උදෑසන 7 ට ආරම්භ වීමට නියමිතයි. ජනාධිපතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන 12845 ක් පිහිටුවා ඇති බවද ඔහු සඳහන් කළේ ය. සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, හෙට පැවැත්වෙන ඡන්ද විමසීම පිළිබඳ පෙරහුරුවක් සෑම ඡන්ද මාධ්‍යස්ථානයකම අද පැවැත්වෙන බවයි. ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සඳහා නාවික හමුදාවේ සහය ලබා ගැනීමට ද සැලසුම් කර ඇති බව ඔහු පැවසුවේ ය. සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයින් එක් කෝටි පනස් නව ලක්ෂ අනූ දෙදහස් අනූ හය දෙනෙකු සුදුසුකම් ලබා ඇති බවයි.