by Staff writer 15-11-2019 | 9:06 PM
COLOMBO (News 1st) : මෙරට 7 වන විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා හෙට පැවැත්වෙන ඡන්ද විමසීමට මේ වනවිට සියල්ල සුදානමින් පවතී.
මෙවර ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇති පිරිස 15,992,096කි.
අපේක්ෂකයින් 35 දෙනෙකු තරග වදින මෙවර ජනාධිපතිවරණ ඡන්ද විමසීම හෙට පෙරවරු 7 ට ආරම්භ වන අතර ඡන්ද විමසීම පස්වරු 5 දක්වා පැවැත්වේ.
මෙවර මැතිවරණයේ රාජකාරී සඳහා රාජ්‍ය නිලධාරීන් තුන් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.
ජනාධිපතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය රාත්‍රි 10 ත් 12 ත් අතර නිකුත් කිරීමට හැකි වෙතැයි, අපේක්ෂා කරන බව මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ ය.
ඡන්ද ප්‍රකාශ කිරීම පැමිණෙන ඡන්ද දායකයින් ඡන්ද මධ්‍යස්ථානයේදී සිය අනන්‍යතාවය තහවුරු කළ යුතුයි.
ඒ සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන්නේ,
* ජාතික හැදුනුම්පත,
* වලංගු ගුවන් ගමන් බලපත්‍රය,
* වලංගු රියදුරු බලපත්‍රය,
* රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත,
* වැඩිහිටි හැඳුනුම්පත,
* පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කරනු ලබන පූජ්‍ය හැඳුනුම්පත හා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පත.
2019 නොවැම්බර් 08 වැනි දින දක්වා ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට අයදුම්පත් ලබාදී ඇති පුද්ගලයින්ට, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් ලබාදී ඇති ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය ඡන්දය භාවිත කිරීමේදී අනන්‍යතාවය තහවුරු කර ගැනීමේ ලේඛනයක් වශයෙන් පිළිගනු ඇති.
මේ අතර ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, මැතිවරණ කටයුතුවල ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 60, 175 දෙනෙකු යොදවා ඇති බවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, පසුගිය 13 වැනිදා ප්‍රකාශ පත් කළ නිහඬ කාල සීමාව ජනාධිපතිවරණ පවත්වා සතියක් ගත වනතුරු බලපැවැත්වෙන බවයි.