ජනපතිවරණයට අදාළව පැමිණිලි 3905ක්

ජනපතිවරණයට අදාළව පැමිණිලි 3905ක්

by Staff writer 15-11-2019 | 4:42 PM
COLOMBO (News 1st) : ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 3,905 ක් ලැබී ඇතැයි, ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, ප්‍රචණ්ඩ ක්‍රියා 27 ක් , නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 3,771 ක් සහ වෙනත් පැමිණිලි 107 ක් ඒ අතර වන බවයි. මේ අතර ඊයේ පස්වරු 4.00 න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 84 ක් ලැබී ඇතැයි, මැතිවරණ කොමිසම පැවසී ය.