බංග්ලාදේශය අසරණ කළ ඉන්දියාවෙන් ශක්තිමත් ආරම්භයක්

බංග්ලාදේශය අසරණ කළ ඉන්දියාවෙන් ශක්තිමත් ආරම්භයක්

by Staff writer 15-11-2019 | 8:44 AM

News 1st - තරග දෙකකින් සමන්විත ඉන්දීය - බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පලමු තරගය අද දෙවැනි දිනටත් පැවැත්වේ.

ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන සත්කාරක ඉන්දීය ක්‍රීඩකයින් පන්දුවාර 26ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 86 කි. තරගය ඉන්දියාවේ ඉන්දොර් හීදී පැවැත්වේ. කාසිය වාසිය හිමි කරගත් බංග්ලාදේශ නායක මොමිනුල් හක් තීරණය කළේ, පළමුව පන්දුවට පහර දීමට ය. ඒ, අනුව පිටියට පිවිසි බංග්ලාදේශ ක්‍රීඩකයින්ට පන්දුවාර 58යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 150 ක් පමණි. නායක මොමිනුල් හක් ලකුණු 37 ක් රැස් කළ අතර මොහොමඩ් මිතුන් ලකුණු 13ක් රැස් කළේ ය. මුශ්ෆිකර් රහීම් ලකුණු 43 ක් රැස් කළ අතර මොහොමඩ් මහමුදුල්ලා ලකුණු 10 කි. ලිටන් දාස් ලකුණු 21 ක් රැස් කළේ ය. පන්දු යැවීමේදී මොහොමඩ් ශාමි කඩුලු 3ක් දවා ගත් අතර ඉශාන්ට් ශර්මා, උමේෂ් යාදෙව් හා රවිචන්ද්‍රන් අශ්වින් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේ ය. අනතුරුව පිළිතුරු ඉනිම අරඹමින් පිටියට පිවිසයේ රෝහිත් ශර්මා හා මයාන්ක් අගර්වාල්. ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණූ 14 කට සීමා කරමින් ෂර්මා දැවී ගියේ ලකුණූ 6 ක් රැස් කරගෙන සිටියදී ය. අනතුරුව පිටියට පිවිසි චෙතේස්වර් පුජාරා සමග එක් වූ මයාන්ක් අගර්වාල් ඊයේ දිනය සඳහා තරගය නතර කරනවිට ඉන්දීය ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගාගෙන සිටි ලකුණු සබඳතාව 72 කි. අගර්වාල් නොදැවී ලකුණු 37ක් හා පුජාරා නොදැවී ලකුණු 43 ක් රැස් කරගෙන සිටියේ ය.