අධිවේගී මාර්ගවල බස් ගාස්තු පහළට

අධිවේගී මාර්ගවල බස් ගාස්තු පහළට

by Staff writer 15-11-2019 | 11:51 AM

COLOMBO ( News 1st ) - අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මකවන පරිදි අධිවේගී මාර්ගවල බස් ගාස්තු පහළ දමා තිබේ.

ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කළේ, රුපියල් 10ත් 20ත් අතර අගයකින් බස් ගාස්තු පහළ දමා ඇති බව යි. ඒ අනුව, මාකඹුර ගාල්ල අතර රුපියල් 420ක්ව පැවති බස් ගාස්තුව රුපියල් 410ක් ලෙස සංශෝධනය කර තිබේ. මාකුඹුර මාතර අතර රුපියල් 530 ක්ව පැවති බස් ගාස්තුව රුපියල් 10කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 520 කි. අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සඳහන් කළේ, කඩවත කෙරවලපිටිය පිටත වටරවුම් මාර්ගය අධිවේගී මාර්ගයට සම්බන්ධ කිරීමත් සමග අධිවේගී මාර්ග ගාස්තු සංශෝධනය වූ බවයි. එහි වාසිය මගීන්ට ලබාදීම වෙනුවෙන් බස් ගාස්තු සංශෝධනය කිරීමට පියවර ගත් බව ද ඔහු ප්‍රකාශ කළේ ය.