ජනපතිවරණයට අදාළව පැමිණිලි 3905ක්

ජනපතිවරණයට අදාළව පැමිණිලි 3905ක්

ජනපතිවරණයට අදාළව පැමිණිලි 3905ක්

කර්තෘ Staff writer

15 Nov, 2019 | 4:42 pm

COLOMBO (News 1st) : ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 3,905 ක් ලැබී ඇතැයි, ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, ප්‍රචණ්ඩ ක්‍රියා 27 ක් , නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 3,771 ක් සහ වෙනත් පැමිණිලි 107 ක් ඒ අතර වන බවයි.

මේ අතර ඊයේ පස්වරු 4.00 න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 84 ක් ලැබී ඇතැයි, මැතිවරණ කොමිසම පැවසී ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]