by Staff writer 15-11-2019 | 8:08 AM
News 1st - ඉන්දුනීසියාවේ මොලුකාස දූපත ආසන්නයේ ඇතිවු භූ චලනයෙන් පසුව පැනවු සුනාමි අවදානම ඉවත් කර තිබේ.
ඊයේ රාත්‍රි ඇතිවූ එම භූ කම්පනයේ ප්‍රබලත්වය දැක්වුණේ රික්ටර් මාපාංකයේ ඒකක 7.1ක් ලෙසට ය.
එහි අපි කේන්ද්‍රය ඉන්දුනීසාවේ ටර්නේට් නගරයට වයඹ දිගින් කිලෝමීටර් 139ක් දුරින් සහ කිලෝමීටර් 45ක් ගැඹුරින් පිහිටා තිබූ බව අමෙරිකානු භු විද්‍යා සමීක්ෂණ ඒකකය සඳහන් කළේ ය.
සුලවාසි දූපතට කම්පනය බලපෑම තදින්ම දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
භූමිකම්පාවෙන් කිසිඳු ජීවිත හානියක් සිදු වී නොමැති අතර මේ හේතුවෙන් පුද්ගලයින් රැසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට එරට බලධාරින් පියවර ගත්තේ ය.