අද සියලු පාසල් වසා තැබෙයි

අද සියලු පාසල් වසා තැබෙයි

අද සියලු පාසල් වසා තැබෙයි

කර්තෘ Staff writer

15 Nov, 2019 | 6:56 am

COLOMBO ( News 1st ) – ජනාධිපතිවරණය හේතුවෙන් දිවයිනේ සියලු පාසල් අද වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එහි අතිරේක ලේකම් ආර්.එම්.එම් රත්නායක මහතා සඳහන් කළේ, ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීමකට අනුව
පාසල් වසා තැබෙන බවයි.

පාසල් බොහොමයක් ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීම සහ ගුරුවරුන් හා විදුහල්පතිවරුන් මැතිවරණ රාජකාරී සඳහා
යොදා ගැනීම එලෙස පාසල් වසා තැබෙන බව ඔහු පැවසුවේ ය.

මේ අතර ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස භාවිත කරන පාසල් ඊයේ දිනයේත් වසා තැබූ බව අධ්‍යාපන අමාත්‍යාංශය
සඳහන් කළේ ය.

මේ අතර සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයිනේ සියලු සුරාසැල් හෙට සහ අනිද්දා දෙදින වසා තැබෙන බවයි.

ඒ, මැතිවරණ කොමිසමේ ඉල්ලීමකට අනුවයි.

මේ අනුව එම දිනවල නීතිවිරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, ප්‍රවාහනය, සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම
තහනම් වේ.

සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම නීති කඩ කරන පුද්ගලයින්ට එරෙහිව නඩු පවරන බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]