ශ්‍රී ලංකා-පාකිස්ථාන ටෙස්ට් තරගාවලියට දින නියමවෙයි

ශ්‍රී ලංකා-පාකිස්ථාන ටෙස්ට් තරගාවලියට දින නියම වෙයි

by Staff writer 14-11-2019 | 7:22 PM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා සහ පාකිස්ථාන කණ්ඩායම් අතර තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා දින නියම කර තිබේ. අන්තර් ජාතික ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලිය යටතේ මෙම ටෙස්ට් තරග දෙක රාවල්පින්ඩි සහ කරච්චිහිදී පැවැත්වීමට නියමිතයි. පළමු ටෙස්ට් තරගය දෙසැම්බර් 11 වන දා සිට 15 වන දා තෙක් පැවැත්වෙන අතර දෙවැනි තරගය දෙසැම්බර් 19 වන දා සිට 23 වනදා දක්වා පැවැත්වේ. පකිස්තානයේ දී ටෙස්ට් තරගාවලියක් පැවැත්වෙන්නේ වසර 10 කට පසුව වීම ද විශේෂත්වයකි. මීට පෙර මෙම ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, ආරක්ෂක හේතු මත දෙසැම්බර් මාසය දක්වා කල් දැමිණ. ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය ඔක්තෝබර් මාසයේදී එක්දින සහ පන්දුවාර 20 යි 20 තරගාවලියක් සඳහා පාකිස්ථානයේ සංචාරය කළේ ය. එහිදී මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් පකිස්තාන රජය උපරිම ආරක්ෂාවක් ලබා දුන්නේ ය. පකිස්ථාන අන්තර් ජාතික තරග පිළිබඳ අධ්‍යක්ෂ සකීර් ඛාන් මහතා පවසන්නේ, ශ්‍රී ලංකාව පකිස්ථානයේ ආරාධනය පිළිගැනීම ගැන ඉතා සතුටට පත් වන අතර, පකිස්ථානය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් තරග ආරක්ෂිතව පැවැත්වීමේ හැකියාවක් තිබේ යැයි එමගින් සනාථ වන බවයි.