විදේශීය මැතිවරණ නිරීක්ෂකයින් 120 දෙනෙකු දිවයිනට

විදේශීය මැතිවරණ නිරීක්ෂකයින් 120 දෙනෙකු දිවයිනට

by Staff writer 14-11-2019 | 7:04 AM

COLOMBO (News 1st) - ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා විදේශීය නිරීක්ෂකයින් 120 දෙනෙකු දිවයිනට පැමිණ ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ, රටවල් 7 ක් නියෝජනය කරමිනි. ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ඊට අමතරව විවිධ ජාත්‍යන්තර සංවිධානවලට අයත් නිරීක්ෂකයින් පිරිසක් ද දිවයිනට පැමිණ ඇති බවයි.