වසරේ සරාගීම පුද්ගලයා 'ජෝන් ලෙජන්ඩ්'

වසරේ සරාගීම පුද්ගලයා 'ජෝන් ලෙජන්ඩ්'

by Staff writer 14-11-2019 | 11:02 AM

News 1st - පීපල් සඟරාව මගින් සුපිරි අමෙරිකානු සංගීතඥ ජෝන් ලෙජන්ඩ් මේ වසරේ සරාගීම පුද්ගලයා ලෙස නම් කර තිබේ.

ඉකුත් වසරේ ලොව සරාගීම මිනිසා ලෙස නම් කෙරුණේ, සුපිරි හොලිවුඩ් නළු ඉඩ්රිස් එල්බායි. එමී, ග්‍රැමී, ටෝනි සහ ඔස්කාර් යන කීර්තිමත් සම්මානවලින් පිදුම් ලැබීමට සමත් වූ ලොව දක්ෂතම සංගීතඥයන් අතලොස්සෙන් අයෙකු ලෙස ජෝන් ලෙජන්ඩ් සැලකේ.