මහා සංඝරත්නයෙන් ජනපතිට පැසසුම්

මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට පහළ වූ ආදර්ශමත් රාජ්‍ය නායකයෙක් - මහා සංඝරත්නය

by Staff writer 14-11-2019 | 9:41 AM

COLOMBO (News 1st) - අට ලෝ දහමින් කම්පා නොවූ දුර දක්නා නුවණින් කටයුතු කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට පහළ වූ ආදර්ශමත් රාජ්‍ය නායකයෙකු බව මහා සංඝරත්නය පෙන්වා දෙයි.

ඒ, ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී භික්ෂූන් වහන්සේ සහ ජනාධිපතිතුමා අතර පැවති හමුවකදීයි. ත්‍රිපිටකය ලෝක මතක ලේඛනයට ඇතුළත් කිරීමේ අයැදුම්පත සකස් කිරීමේ විද්වත් මණ්ඩලය, ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය, බෞද්ධ උපදේශක සභාව, බෞද්ධ බුද්ධි මණ්ඩලය සහ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩල නියෝජනය කරන ස්වාමීන් වහන්සේ එම හමුවට එක් ව සිටියහ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසූවේ, ත්‍රිපිටකය ජාතික උරුමයක් කරමින් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ජනාධිපතිතුමා කළ මෙහෙය මහා සංඝරත්නය එහිදී අගය කළ බවයි. මෙරට පිරිවෙන් අධ්‍යාපනය නගා සිටුවීමට ද ජනාධිපතිතුමා ඉටු කළේ කිසිදු යුගයක ඉටු නොවූ වැඩ කොටසක් බව මහා සංඝරත්නය එහිදී පෙන්වා දී තිබේ.