මැතිවරණ නීති කැඩූ 83 දෙනෙකු අත්අඩංගුවට

මැතිවරණ නීති කැඩූ 83 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 14-11-2019 | 2:59 PM
COLOMBO (News 1st) : මැතිවරණ නීති කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 83 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ, ඒ අතර ප්‍රාදේශීය දේශපාලනඥයින් ද සිටින බවයි. ජනාධිපතිවරණයට නාම යෝජනා භාරගැනීමෙන් පසු මේ දක්වා පැමිණිලි 214 ක් ලැබී ඇතැයි පොලීසිය පවසයි.