නිකොලස් පූරන්ට තරග තහනමක්

නිකොලස් පූරන්ට 20 යි 20 තරග තහනමක්

by Staff writer 14-11-2019 | 10:52 AM

News 1st - බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු නිකොලස් පූරන්ට පන්දුවාර 20 යි 20 තරග තහනමක් පනවා තිබේ.

ඒ, පන්දුවේ ස්වභාවය වෙනස් කිරීමේ වරදටයි. බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග ක්‍රිකට් තරගාවලියකට එක් වේ. මෙම තරගාවලිය පැවැත්වෙන්නේ ඉන්දියාවේදීයි. පසුගිය සඳුදා පැවැති තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු නිකොලස් පූරන් පන්දුවේ ස්වභාවය වෙනස් කළ බවට තහවුරු විය. අන්තර් ජාතික ක්‍රිකට කවුන්සලිය පවසන්නේ, එය තම ආයතනයේ ආචාර ධර්ම රීති උල්ලංඝණය කිරීමක් බැවින් ඔහුට එරෙහිව දඬුවම් පමුණුවන බවයි. ඒ අනුව බටහිර ඉන්දීය කොදවේ කණ්ඩායම ඉදිරියේදී සහභාගී වන පන්දුවාර 20 යි 20 තරග 4 ම පූරන්ට තහනම් කර තිබේ.