ජාතික පාසල් ලැයිස්තුවට තවත් පාසල් 4ක්

ජාතික පාසල් ලැයිස්තුවට තවත් පාසල් 4ක්

by Staff writer 14-11-2019 | 4:17 PM
COLOMBO (News 1st) : ගාල්ල, බොනවිස්ටා ඇතුළු පාසල් 4 ක් ජාතික පාසල් බවට පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ අනුව මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය, මඩකලපුව වාලච්චේනයි හින්දු විද්‍යාලය සහ අම්පාර ඉරක්කාමම් අල් / අෂ්රොප් මධ්‍ය මහා විද්‍යාලය ජාතික පාසල් බවට පත් වනු ඇති. පළාත් සභා යටතේ පැවති රජයේ පාසල්, ජාතික පාසල් බවට පත් කිරීමේදී සපුරාලිය යුතු නිර්ණායක පාදක කර ගනිමින් මෙම පාසල් ජාතික පාසල් බවට පත් කර තිබේ. එම පාසල් 4 ත් සමග මෙරට ඇති ජාතික පාසල් සංඛ්‍යාව 374 ක් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.