ඡන්ද පත්‍රිකා බෙදූ පුද්ගලයෙක් අත්අඩංගුවට

ඡන්ද පත්‍රිකා බෙදමින් සිටි පුද්ගලයෙක් දුම්මලසූරියේදී අත්අඩංගුවට

by Staff writer 14-11-2019 | 9:37 PM
COLOMBO (News 1st) :  නිවසින් නිවසට ගොස් ඡන්ද පත්‍රිකා බෙදමින් සිටි සැකකරුවෙකු දුම්මලසූරිය, වීරකොඩියාන ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සතුව තිබී පොලිස් භාරයට ගෙන ඇති ඡන්ද පත්‍රිකා සංඛ්‍යාව 155කි. මීට අමතරව ලියුම් කවර 30 ක් හා යතුරු පැදියක් ද සිය භාරයට ගත් බව පොලීසිය පවසයි. පහළ වීරකොඩියාන, කටුහේනවත්ත ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි සැකකරු මාදම්පේ ප්‍රදේශයේ පාසලක මුරකරුවෙකු ලෙස සේවය කරන පුද්ගලයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් දුම්මලසූරිය පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.