ගාල්ලේදී නිදහස් මාධ්‍යවේදියෙකුට ප්‍රහාරයක්

ගාල්ලේදී නිදහස් මාධ්‍යවේදියෙකුට ප්‍රහාරයක්

by Staff writer 14-11-2019 | 12:31 PM

COLOMBO (News 1st) - ගාල්ල, හබරාදුව, මීපේ ප්‍රදේශයේ පදිංචි නිදහස් මාධ්‍යවේදියෙකු හා ලේඛකයෙකු වන ලසන්ත විජේරත්න මහතාට අද අලුයම කිසියම් පිරිසක් පහරදී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, සිද්ධියේදී කැපුම් තුවාල ලැබූ විජේරත්න මහතා මේ වනවිට රෝහල්ගත කර ඇති බවයි. නිදහස් මාධ්‍යවේදියෙකු හා ලේඛකයෙකු වන ලසන්ත විජේරත්න මහතා දූෂණ විරෝධි සංවිධානයක ද ක්‍රියාකාරී සාමාජිකයෙකි. අද අලුයම 2.30 පමණ මීපේ පිහිටි නිවසට ඇතුළු වූ පුද්ගලයින් තිදෙනෙකු මෙම නිදහස් මාධ්‍යවේදියාට සහ බිරිඳට ගිනි අවි පෙන්වා තර්ජනය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය. එහිදී එක් සැකකරුවෙකු අත තිබූ පිහියකින් විජේරත්න මහතාගේ අතට හානි සිදුව ඇති අතර සැකකරුවන් තර්ජනය කර පළා ගොස් තිබුනේ නිවසේ දෝපොළවලට ද හානි කරමිනි. දූෂණ විරෝධි පොතක් රචනා කිරීම සම්බන්ධයෙන් පැමිණි පිරිස මෙහිදී ලසන්ත විජේරත්න මහතාට තර්ජනය කර පළා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. සැකකරුවන් සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වේ.