M Entertainment, ITN නාලිකාවට එරෙහිව උසාවියයි

එම්. එන්ටර්ටේන්මන්ට් ස්වාධීන රූපවාහිනියට එරෙහිව අධිකරණයට යයි

by Staff writer 14-11-2019 | 8:32 PM
COLOMBO (News 1st) : 'Asterix: The Secret of the Magic Potion' චිත්‍රපටයේ මෙරට ප්‍රදර්ශන අයිතිය හිමි එම්. එන්ටර්ටේන්මන්ට් පුද්ගලික සමාගම , ස්වාධීන රූපවාහිනියට එරෙහිව අතුරු තහනම් නියෝගයක් හා රුපියල් මිලියන 300 ක වන්දියක් ඉල්ලා අද කොළඹ වාණිජ මහාධිකරණයේ නඩුවක් ගොනු කළේ ය. එම්. එන්ටර්ටේන්මන්ට් පුද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටි ජූලියස් සහ ක්‍රීසි සමාගමේ නීතිඥවරුන් කියා සිටියේ එම සමාගමේ අයිතීන් උල්ලංඝනය කරමින් 2019 ඔක්තෝබර් 19 වන දින මෙම චිත්‍රපටය සිංහල බසින් හඩකවා ස්වාධීන රූපවාහිනියේ විකාශය කර ඇති බවයි. නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම් සලකා බැලූ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ මහතා ස්වාධීන රූපවාහිනියේ නිලධාරීන්ට දෙසැම්බර් මස 2 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/556740128417515/