ඩොනල් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග විමර්ශනයේදී රහස් රැසක් හෙළිවෙයි

ඩොනල් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග විමර්ශනයේදී රහස් රැසක් හෙළිවෙයි

ඩොනල් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග විමර්ශනයේදී රහස් රැසක් හෙළිවෙයි

කර්තෘ Staff writer

14 Nov, 2019 | 9:47 am

News 1st – අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග විමර්ශනයෙන් වැදගත් කරුණු රැසක් අනාවරණය ව තිබේ.

ඒ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දේශපාලන ප්‍රතිවාදී ජෝ බයිඩන් සම්බන්ධයෙන් සිදු කළ යුක්‍රේන විමර්ශනයක් පිළිබඳ දුරකතනය ඔස්සේ විමසන අයුරු සිය කාර්ය මණ්ඩල සේවකයකුට ඇසී ඇතැයි යුක්‍රේනයේ වැඩබලන අමෙරිකානු තානාපතිවරයා ලෙස කටයුතු කරන බිල් ටේලර් පැවසීම හමුවේයි.

ජනපති ට්‍රම්ප් මෙම දුරකතන සංවාදය සිදු කර ඇත්තේ, යුරෝපීය සංගමයේ අමෙරිකානු තානාපතිවරයා වන ගෝර්ඩ්න් සොන්ඩ්ලන්ඩ් සමගයි.

යුක්‍රේනය ජනාධිපති ට්‍රම්ප්ගේ ඉල්ලීම ඉටු කිරීමට සුදානම් බව ගෝර්ඩ්න් සොන්ඩ්ලන්ඩ් ජනපති ට්‍රම්ප් වෙත පවසා තිබුණි.

කෙසේවෙතත් මේ මස මුලදී ගෝර්ඩ්න් සොන්ඩ්ලන්ඩ් සම්බන්ධයෙන් විමසූ විට ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ, ඔහු කවුරුන්දැයි තමන් නොදන්නා බවයි.

බිල් ටේලර් මේ බව සඳහන් කළේ, ජනාධිපති ට්‍රම්ප්ට එරෙහි පැවැත්වෙන දෝෂාභියෝග විමර්ශනය ජනතාව හමුවේ පැවැත්වෙන ප්‍රථම අවස්ථාවේදීයි.

කෙසේවෙතත් ජෝ බයිඩන් සම්බන්ධයෙන් එවැනි ප්‍රකාශයක් කළ බව තමන්ට මතක නැතැයි ජනාධිපති ට්‍රම්ප් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ ය.

තමාට එරෙහි විමර්ශනය තරයේ විවේචනය කළ ජනාධිපතිවරයා තමන් කිසිදු වරදක් නොකළ බව ද අවධාරණය කර සිටියේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]