ජල විදුලි උත්පාදනය 50% ක් දක්වා ඉහළට

විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ධාරිතාව වසරේ ඉහළම අගයට

by Staff writer 13-11-2019 | 9:01 AM

COLOMBO (News 1st) - විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම මේ වසරේ ඉහළම අගයට ළඟාවී ඇතැයි විදුලි බල හා පුනර්ජනනීය බල ශක්ති අමාත්‍යාංශය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, ඒ අනුව ජල විදුලි උත්පාදනය සමස්ත දෛනික විදුලි උත්පාදනයෙන් 50% ක් දක්වා ඉහළ ගොස් ඇති බවය. විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රධාන ජලාශ වන, සමනල වැව ජලාශයේ ජල මට්ටම 100% දක්වාත් කාසල්රි ජලාශයේ ජල මට්ටම 94.6 % මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම 90.5% කොත්මලේ ජලාශයේ ජල මට්ටම 87.7% වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම 80.2% රන්දෙණිගල ජලාශයේ ජල මට්ටම 49.2% ක් ඉහළ ගොස් ඇති බව සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.