ජනපතිවරණ ප්‍රචාරක කටයුතු අද මැදියම් රැයෙන් අවසන්

ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

by Staff writer 13-11-2019 | 6:34 AM

COLOMBO (News 1st) - ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.

ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් ජනාධිපති අපේක්ෂකයින් මෙන්ම දේශපාලන පක්ෂ අවස්ථා කිහිපයකදී දැනුවත් කර ඇති බවයි. මේ අතර ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අවසන්වීමත් සමග ප්‍රාදේශීය මට්ටමින් පිහිටුවා ඇති මැතිවරණ ප්‍රචාරක කාර්යාලවලට ද සීමා පැනවෙන බව සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ ය. මැතිවරණ පොස්ටර් හා කටවුට් ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක බව සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළේ ය.