හැඳුනුම්පත් ඉල්ලුම් කිරීමේ කාලය අදින් අවසන්

ඡන්දය දැමීමට තාවකාලික හැඳුනුම්පත් ඉල්ලුම් කිරීමේ කාලය අදින් අවසන්

by Staff writer 13-11-2019 | 6:44 AM

COLOMBO (News 1st) - ජනාධිපතිවරණයේ ඡන්දය භාවිත කිරීමට තාවකාලික හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා ඉල්ලුම්පත් භාර දීමට තිබූ කාලය අදින් අවසන් වේ.

මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, කිසිදු හේතුවක් මත ඉල්ලුම්පත් භාර ගැනීම යළි දීර්ඝ නොකරන බවයි. ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය අනන්‍යතා ලේඛන පිළිබඳව ද සමන් ශ්‍රී රත්නායක මහතා සිහිකැඳවීමක් කළේ ය. එහිදී ඔහු පැවසූවේ, ජාතික හැඳුනුම්පත, වලංගු රියැදුරු ගමන් බලපත්‍රය, විදේශ ගමන් බලපත්‍රය, විශ්‍රාමික හැඳුනුම්පත, පූජ්‍ය හැඳුනුම්පත හෝ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කළ තාවකාලික හැඳුනුම්පත තිබිය යුතු බවයි. [audio wav="https://cdn.newsfirst.lk/sinhala-uploads/2019/11/11-13-SAMAN-ID-ED-02.wav"][/audio]