කොළඹ දූවිලි අංශු ප්‍රමාණය යළිත් ඉහළට

කොළඹ නගරයේ වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය යළිත් ඉහළට

by Staff writer 13-11-2019 | 10:13 AM

COLOMBO (News 1st) - කොළඹ නගරයේ වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය අද යළිත් ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එහි විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේ, කොළඹ වායුගෝලයේ ගුණාත්මක දර්ශකයේ අගය ඒකක 100 වැඩි අගයක පවතින බවයි. ඒ පිළිබඳ ශ්වසන රෝගීන් සහ කුඩා දරුවන් විමසිලිමත් විය යුතු බව ඔහු පැවසුවේ ය. ඉන්දියාවේ නව දිල්ලි නුවර වායු දුෂණයේ ප්‍රතිඵලයක් ලෙස කොළඹ වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය එලෙස ඉහළ ගොස් තිබේ. පවතින සුළං ප්‍රවාහය ඊට හේතුවී ඇති බව සඳහන් ය.