ඉන්දීය මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය ජනාධිපති පාලනය යටතට

ඉන්දීය මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය ජනාධිපති පාලනය යටතට

by Staff writer 13-11-2019 | 6:46 AM

News 1st - ඉන්දීය මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය ජනාධිපති පාලනය යටතට ගෙන තිබේ.

මෙය සිදුව ඇත්තේ, භාරතීය ජනතා පක්ෂය, ෂිව් සේවා සහ දේශාභිමානී කොංග්‍රස් පක්ෂය යන පක්ෂ තුනෙන් එකක්වත් ප්‍රාන්ත ආණ්ඩුවක් පිහිටුවීමට ප්‍රමාණවත් බහුතරය ලබාගැනීමට අපොහොසත් වී ඇතැයි සඳහන් කරමින් මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත ආණ්ඩුකාර භගත් සිං කොෂ්යාරි මධ්‍යම රජයට වාර්තාවක් යැවීමෙන් පසුවයි. ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත ආණ්ඩුව පිහිටුවීමට එම පක්ෂ තුනට ලබාදුන් කාලය අවසන් වීමත් සමග මෙම වාර්තාව යවා ඇති බව සඳහන් වේ. ආණ්ඩුවක් පිහිටුවීම ලබාදුන් කාලය දීර්ඝ කරන ලෙස මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ දේශාභිමානී කොංග්‍රස් පාක්ෂිකයන් ඉල්ලා සිටි පසුබිමකදී ආණ්ඩුකාරවරයා මෙම පියවර ගනු ලැබුවේ ය. මේ හමුවේ විපක්ෂ දේශපාලන පක්ෂ චෝදනා කළේ, සිය සියලු ව්‍යවස්ථාදායික විකල්ප භාවිත කිරීමෙන් තොරව භාරතීය ජනතා පක්ෂයේ ඉල්ලීම් ඉටුකිරීමට ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා පියවර ගත් බවයි. ඉකුත් ඔක්තෝබර් මස 24 වැනි දින ප්‍රාන්ත සභා මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් දින 20 ක් ගතවීමෙන් පසුව ද මෙවැනි තත්ත්වයක් උද්ගතවීම විශේෂත්වයකි. කෙසේ වෙතත් ජනාධිපති පාලනයට මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය යටත් වීමෙන් පසුවත් ෂිව් සේනා පක්ෂයට ප්‍රාන්ත ආණ්ඩුව පිහිටුවීමට සහය ලබා දෙනවාදැයි යන්න සම්බන්ධයෙන් කොංග්‍රස් පක්ෂය සහ දේශාභිමානී කොංග්‍රස් පක්ෂය සමග එක් ව සාකච්ජා කරමින් සිටින බව සඳහන් ය.