විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ධාරිතාව වසරේ ඉහළම අගයට

විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ධාරිතාව වසරේ ඉහළම අගයට

විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ධාරිතාව වසරේ ඉහළම අගයට

කර්තෘ Staff writer

13 Nov, 2019 | 9:01 am

COLOMBO (News 1st) – විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම මේ වසරේ ඉහළම අගයට ළඟාවී ඇතැයි විදුලි බල හා පුනර්ජනනීය බල ශක්ති අමාත්‍යාංශය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, ඒ අනුව ජල විදුලි උත්පාදනය සමස්ත දෛනික විදුලි උත්පාදනයෙන් 50% ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.

විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රධාන ජලාශ වන,

සමනල වැව ජලාශයේ ජල මට්ටම 100% දක්වාත්
කාසල්රි ජලාශයේ ජල මට්ටම 94.6 %
මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම 90.5%
කොත්මලේ ජලාශයේ ජල මට්ටම 87.7%
වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම 80.2%
රන්දෙණිගල ජලාශයේ ජල මට්ටම 49.2% ක් ඉහළ ගොස් ඇති බව සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]