ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

කර්තෘ Staff writer

13 Nov, 2019 | 6:34 am

COLOMBO (News 1st) – ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.

ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් ජනාධිපති අපේක්ෂකයින් මෙන්ම දේශපාලන පක්ෂ අවස්ථා කිහිපයකදී දැනුවත් කර ඇති බවයි.

මේ අතර ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අවසන්වීමත් සමග ප්‍රාදේශීය මට්ටමින් පිහිටුවා ඇති මැතිවරණ ප්‍රචාරක කාර්යාලවලට ද සීමා පැනවෙන බව සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ ය.

මැතිවරණ පොස්ටර් හා කටවුට් ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක බව සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]