හෙරොයින් ජාවාරම ගැන අනාවරණයක්

හෙරොයින් කිලෝග්‍රෑම් 214ක් රැගෙන ඒමේ ජාවාරම මෙහෙයවූ පුද්ගලයින් ගැන අනාවරණයක්

by Staff writer 12-11-2019 | 12:05 PM

COLOMBO ( News 1st ) - හෙරොයින් කිලෝග්‍රෑම් 214 ක් මෙරටට රැගෙන ඒමේ ජාවාරම මෙහෙය වූ පුද්ගලයින් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.

පොලීසිය පැවසුවේ, සැකකරුවන්ගේ දුරකතන විශ්ලේෂණය කිරීමෙන් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වූ සැකකරුවන් පිළිබද අනාවරණය කර ගෙන ඇති බව ය. පකිස්ථානයේ සිට මෙම හෙරොයින් තොගය මෙරටට එවා ඇති අතර, පකිස්ථාන් ඩුබායි සහ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ජාලයෙන් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුව ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී තිබේ. හෙරොයින් කිලෝග්‍රෑම් 214 ක්, මෙරටට ජාවාරම් කිරීමේදී නාවික හමුදා අත්අඩංගුවටගත් සැකකරුවන් ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ශ්‍රී ලංකාවට අයත් දකුණු මුහුදු තීරයේදී නාවික හමුදාව භාරයට පත් වූ හෙරොයින් තොගය සමග ශ්‍රී ලාංකික ධීවරයින් 5ක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර බෝට්ටුවේ හිමිකරු පසුව පැමිණි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර වී තිබුණි.