යුද හමුදා සාමාජිකයින් 243 ක් මාලි රාජ්‍යට

සාම සාධක රාජකාරි සඳහා යුද හමුදා සාමාජිකයින් 243ක් මාලි රාජ්‍යට

by Staff writer 12-11-2019 | 6:22 PM

COLOMBO (News 1st) - සාම සාධක රාජකාරි සඳහා යුද හමුදා සාමාජිකයින් 243 දෙනෙකු මාලි රාජ්‍ය බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

මේ යටතේ අද දිනයේදී හමුදා සාමාජිකයින් 43 දෙනෙකු ද හෙට දිනයේදී හමුදා සාමාජිකයින් 200 දෙනෙකු ද මාලි රාජ්‍යය බලා පිටත්ව යනු ඇති. මේ වනවිට මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරිවල නිරතව සිටින හමුදා සාමාජිකයින් 196 දෙනෙකු අනිද්දා දිවයිනට පැමිණීමට නියමිත ය.