පොහොට්ටුවෙන් සයින්දමර්දුවලට නගර සභාවක්

සයින්දමර්දුවලට නගර සභාවක්: පොහොට්ටුව ගිවිසුමකින් සහතික වෙයි

by Staff writer 12-11-2019 | 5:18 PM

COLOMBO (News 1st) - සයින්දමර්දු ප්‍රදේශයේ නගර සභාවක් පිහිටුවන බවට ගිවිසුමකින් සහතිකවී ඇතැයි ශ්‍රී ලකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

මේ දිනවල නැගෙනහිර පළාතේ ප්‍රචාරක කටයුතුවලට සහභාගිවී සිටින බැසිල් රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ සයින්ද මර්දු ප්‍රදේශයේ ජනහමුවකදී මේ බව ප්‍රකාශ කළේ ය. මේ අතර බැසිල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කල්මුනේ පැවති ජන හමුවකට ද සහභාගි වී තිබේ.