බංග්ලාදේශයේ දුම්රිය අනතුරකින් 15 ක් මරුට

බංග්ලාදේශයේ දුම්රිය දෙකක් ගැටී පුද්ගලයින් 15 මරුට, 58 කට තුවාල

by Staff writer 12-11-2019 | 4:54 PM

News 1st - බංග්ලාදේශයේ දුම්රිය දෙකක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තව ත් 58 දෙනෙකු තුවාල ලබා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඩකා නුවර බලා ධාවනය කළ දුම්රියක් චිතගොන් බලා ධාවනය වූ දුම්රියක එන්ජිමේ ගැටීමෙන් අනතුර සිදු ව ඇති බවයි. අනතුරට පත් මගීන් මුදා ගැනීමට ගලවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. බංග්ලාදේශයේ මෙවැනි දුම්රිය අනතුරු සුලබ අතර දුම්රිය සංඥා පද්ධතිවල පවතින දෝෂ ඊට ප්‍රධාන හේතුවක් බව සඳහන් වේ.