ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 12-11-2019 | 7:43 AM
දේශීය පුවත් 1. වසන්ත කරන්නාගොඩ ඇතුළු නාවික හමුදාවේ 14 දෙනෙකුට අධිචෝදනා 678 ක් යටතේ නඩු : හිටපු නාවික හමුදාපති රියර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ඇතුළු නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් 14 දෙනෙකුට එරෙහිව මිනී මැරීම, ඒ සඳහා ආධාර අනුබලදීම ඇතුළු අධිචෝදනා 678 ක් යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ නඩු පවරා තිබේ. 2. එස්. බී. දිසානායකගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනා ලබන 25 වෙනි දා දක්වා රිමාන්ඩ්: ගිනිගත්හේන, පොල්පිටිය ප්‍රදේශයේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතාගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනා ලබන 25 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 3.MCC ගිවිසුමට එරෙහි පෙත්සම් සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්: MCC ගිවිසුම අත්සන් කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කර ති. 4. රෝයල් පාර්ක් ඝාතන සිද්ධියේ වරදකරු නිදහස් කළේ බොහෝ ඉල්ලීම් හා කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි – ජනපති : රාජගිරිය රෝයල් පාර්ක් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ජිවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා සිටි ශ්‍රමන්ත ජුඩ් ඇන්තනි ජයමහා ජනාධිපති සමාව යටතේ නිදහස් කළේ බොහෝ දෙනෙකුගේ ඉල්ලීම සහ කරුණු රැසක් සලකා බැලීමෙන් පසුව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 5. වැලිකඩ වහල මත නැග සිරකරුවන් 2ක් විරෝධතාවයේ : වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැගී සිරකරුවන් දෙදෙනෙකු ඊයේ විරෝධතාවක නිරත විය. විදෙස් පුවත් 1.බොලීවියා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි: බොලීවියා ජනාධිපති ඊවෝ මොරලෙස් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ක්‍රීඩා පුවත් 1. බංග්ලාදේශයට එරෙහි 20 යි 20 තරගාවලියේ ජය ඉන්දියාවට: බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි තරග 3 කින් සමන්විත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2 ට 1 ක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.