හෙරොයින් ජාවාරම්කරුවෙකු පොලිස් වෙඩි පහරින් මරුට

කරාපිටියේදී පළා යාමට උත්සහ කළ හෙරොයින් ජාවාරම්කරු පොලිස් වෙඩි පහරින් මරුට

by Staff writer 12-11-2019 | 6:19 PM

COLOMBO (News 1st) - ගාල්ල, කරාපිටිය ප්‍රදේශයේදී පළා යාමට උත්සාහ කළ හෙරොයින් ජාවාරම්කරුවෙකුට පොලීසිය කළ වෙඩි තැබීමකින් ඔහු මිය ගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ගාල්ල නගර සභාව ඉදිරිපිටදී හෙරොයින් ග්‍රෑම් 33යි මිලිග්‍රෑම් 600 ක් සමග සැකකරු ඊයේ පස්වරුවේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව ය. 34 හැවිරිදි එම සැකකරු පෝද්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පොලීසිය පැවසුවේ, අද දහවල් එම සැකකරු අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කිරීමට සූදානම් වූ අවස්ථාවේදී ඔහු පොලිස් නිලධාරීන් පසකට තල්ලු කර පළා ගිය බවය. පසුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සැකකරුට වෙඩි තබා තිබේ. සිද්ධියෙන් තුවාල ලැබූ සැකකරු ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව පොලීසිය සඳහන් කළේය.