මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සැකකරුවන් 2ක් අත්අඩංගුවට

අම්බලන්ගොඩදී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සැකකරුවන් 2ක් අත්අඩංගුවට

by Staff writer 12-11-2019 | 12:11 PM

COLOMBO ( News 1st ) - අම්බලන්ගොඩ ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් හෙරොයින් සමග පසුගියදා අත්අඩංගුවට ගනු ලැබු අඟුණකොලපැලැස්ස බන්ධනාගාර නියාමකවරයාගෙන් ලද තොරතුරුවලට අනුව ය. කාර් රථවලින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදී අදාළ සැකකරුවන් දෙදෙනා ගල්දූව හන්දිය දුම්රිය හරස් මාර්ගයේදී හා මීටියාගොඩ රංගල්ල පාලම අසළදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ ගල්දූව හන්දිය දුම්රිය හරස් මාර්ගයේදී අත්අඩංගුවට ගත් ගෝනපීනුවල පදිංචි 21 හැවිරිදි සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 108ක් හා ජංගම දුරකතන 2ක් පොලීසිය භාරයට ගත් බව ය. ඔහු පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ බන්ධනාගාර නියාමකවරයාට කාර් රථයෙන් ගොස් මත්ද්‍රව්‍ය ලබා දී ඇති බවට තොරතුරු අනාවරණ වී තිබේ. මීටියාගොඩ, රංගල්ල පාලම අසළදී අත්අඩංගුවට ගනු ලැබු හික්කඩුවේ පදිංචි 22 හැවිරිදි සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 22ක්, ඉලෙක්ට්‍රික් තරාදියක් හා ජංගම දුරකතනයක් සිය භාරයට ගත් බව පොලීසිය සඳහන් කළේ ය. මේ අතර මට්ටක්කුලිය හා මහියංගනයේදී හෙරොයින් සමග තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ මට්ටක්කුලිය, කදිරානවත්ත ප්‍රදේශයේදී ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 440 ක් සමග 47 හැවිරිදි සැකකාරියක් අත්අඩංගුවට ගත් බව ය. එසේම මහියංගනය මහවැලි පාලම අසළදී හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් හා සැකකාරියක් අත්අඩංගුවටගත් බව පොලීසිය සඳහන් කළේ ය. මේ අතර 2011 වසරේ මැයි මස 31 වැනිදා කඩුවෙල ප්‍රද්ශයේදී හෙරොයින් ග්‍රෑම් 200 යි මිලිග්‍රෑම් 600 ක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවෙකුට කොළඹ මහාධිකරණය ඊයේ මරණ දඬුවම නියම කෙරිණි. අම්බලන්ගොඩදී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සැකකරුවන් 2ක් අත්අඩංගුවට අම්බලන්ගොඩ ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් හෙරොයින් සමග පසුගියදා අත්අඩංගුවට ගනු ලැබු අඟුණකොලපැලැස්ස බන්ධනාගාර නියාමකවරයාගෙන් ලද තොරතුරුවලට අනුව ය. කාර් රථවලින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදී අදාළ සැකකරුවන් දෙදෙනා ගල්දූව හන්දිය දුම්රිය හරස් මාර්ගයේදී හා මීටියාගොඩ රංගල්ල පාලම අසළදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ ගල්දූව හන්දිය දුම්රිය හරස් මාර්ගයේදී අත්අඩංගුවට ගත් ගෝනපීනුවල පදිංචි 21 හැවිරිදි සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 108ක් හා ජංගම දුරකතන 2ක් පොලීසිය භාරයට ගත් බව ය. ඔහු පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ බන්ධනාගාර නියාමකවරයාට කාර් රථයෙන් ගොස් මත්ද්‍රව්‍ය ලබා දී ඇති බවට තොරතුරු අනාවරණ වී තිබේ. මීටියාගොඩ, රංගල්ල පාලම අසළදී අත්අඩංගුවට ගනු ලැබු හික්කඩුවේ පදිංචි 22 හැවිරිදි සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 22ක්, ඉලෙක්ට්‍රික් තරාදියක් හා ජංගම දුරකතනයක් සිය භාරයට ගත් බව පොලීසිය සඳහන් කළේ ය. මේ අතර මට්ටක්කුලිය හා මහියංගනයේදී හෙරොයින් සමග තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ මට්ටක්කුලිය, කදිරානවත්ත ප්‍රදේශයේදී ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 440 ක් සමග 47 හැවිරිදි සැකකාරියක් අත්අඩංගුවට ගත් බව ය. එසේම මහියංගනය මහවැලි පාලම අසළදී හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් හා සැකකාරියක් අත්අඩංගුවටගත් බව පොලීසිය සඳහන් කළේ ය. මේ අතර 2011 වසරේ මැයි මස 31 වැනිදා කඩුවෙල ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 200 යි මිලිග්‍රෑම් 600 ක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවෙකුට කොළඹ මහාධිකරණය ඊයේ මරණ දඬුවම නියම කෙරිණි.